කෝප් කමිටුවට දුවන්න දෙයි….සිරිසේනගේ හොර අධිකරණයෙන් ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක්

පාර්ලිමේන්තුවේ නීති රීතිවලට ගරු කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව කෝප් කමිටුව අදාළ කටයුතු කරගෙන ගියද ඒ පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්ව ඇති නමුත් නිසි අධිකරණ කි‍්‍රයමාර්ගයක් තුළින් නිවැරදි තීරණයක් ජනතාවටට ලබාදීමට හැකිවනු ඇති බවටද සිරිසේන අමුතු කතාවක් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුලු මහ මහ බැංකු බැඳුම්කර හොරු රැළම නිදහස් කර ගැනිමට බවට අප පසුගියදා කල අනාවරණය මේ වනවිට තවදුරටත් තහවුරු වි තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිකුත් කර තිබේන කෝප් කමිටු වාර්තාව පදනම් කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනිමට නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කර තිබේන අතර කෝප් කමිටුව ඉදිරියේ සාක්ෂී දුන් අයගේ සාක්ෂි සටහන් නැවත විමර්ශණය කිරිමටත් ඒ සදහා කතානායකවරයාගේ අවසරය ලබගැනිමටද කටයුතු කරන ලෙසටද සිරිසේනගේ මජර නීතිපතිවරයා මේ වනවිටත් එම කමිටුවට දැනුම් දි අවසන්.

නීති විශාරදයන් තිදෙනෙකුගෙන් සමන්විත එම කමිටුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු,රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයෙකු සහ රජයේ නීතිඥයෙකුගෙන් සමන්විත වන අතර එම කමිටුව හරහා ලැබෙන නිර්දේශ මත කෝප් කමිටු වාර්තාව නිෂේධනය කිරිම හොරා කෑ යහපාලයේ අභිමතාර්ථ වි තිබේ.

කෝප් වාර්තාවට රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකදී හොරු බේරෙන්න පුළුවන් බව පසුගියදා අලුත් පාර්ලිමේන්තුවේ වැඩසටහනට එක්වෙමින් නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අවධාරණය කර සිටියා.එ අනුව මහ බැංකු බැඳුම්කරය හරහා බිලියන දහස් ගණනක් රටට අහිමි කල අගමැති අලී හොරා සහ අර්ජුන් ඇතුලු බෑනාවරුන් බේරා ගැනිමට සිරිසේන -රනිල් ගේමක් ගසා අවසන් බව දැන් ඉතා පැහැදිලිය.

රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ… by lnwtoday

රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි…



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment