ඕමානයට යන්න එපා – විදේශ රැකියා අමාත්‍යාංශය කියයි

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සදහා පිටත්ව නොයන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

යම් පුද්ගලයෙකු එලෙස යන්නේ නම් ඔහුන්ට හා එය මෙහෙයවන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

පසුගියදා ඕමාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ සංචාරක වීසා මත ඕමානයේ රැකියා සදහා යන ලාංකීය කාන්තාවන් අලෙවි කිරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශයක්ද රහසිගතව උපුටා දැක්වීමට එම පුවත්පත සමත්ව තිබුණා. මෙම සිද්ධියට අදාළව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ නියෝගයකට අනුව නිලධාරීන්ට විමර්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment