පාසල් සිසුවියන් ඉලක්ක කර චීනයෙන් ගෙන්වූ මත් ටොෆියක් වෙළෙඳපොළේ


විශේෂයෙන්ම පාසල් සිසුවියන් ඉලක්ක කොට ගනිමින් මත්වන ටොෆි වර්ගයක් දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.
චීනයෙන් ආනයනය කරන ලදැයි පවසන

එම ටොෆි වර්ගය මුඛය සුවඳ කිරීම සඳහා දිව යට තබා ගැනීමට උචිත අයුරින් නිපදවා ඇති නමුත් එමඟින් සිදුවන්නේ මත්වීමේ ස්වභාවයක් බවට තහවුරු වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

රුපියල් 150ක මිලකට දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින මේ මත් ටොෆිය ලෙමන්, ස්ට්‍රෝබෙරි වැනි විවිධ රසයන්ගෙන් නිපදවා ඇති බව පවසන අසේල සම්පත් මහතා, එම ටොෆිය කොළඹ පීපල්ස් පාක් ප්‍රදේශයේ යහමින් බෙදා හරින බවයි.

එම ටොෆි වර්ගයෙන් මත් නොවන බව කවුරු හෝ පවසනවා නම් එය ඔප්පු කළ යුතු බවටද ඒ මහතා අභියෝග කරයි.

විශේෂයෙන් පාසල් දරු දැරියන්ට අවදානම් සහිත මෙවැනි ආහාර මෙරටට ගෙන්වන, බෙදාහරින සහ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන ඒ මහතා තමා මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළ බව කීය.

අනුරාධා හේරත්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment