ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඇමති මලික්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රුපියල් කෝටි 100ක මහපොළ අරමුදල් අවභාවිත කළැයි ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද (23) අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කළේය.

මෙයට පෙර ඔවුන් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ද පැමිණිලි ගොනු කළේය.

මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් සමරවික්‍රම මහතාට එරෙහි පැමිණිල්ලේ සඳහන්වේ.

ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් යනු නැෂනල් වෙල්ත් කෝපරේෂන්හි සභාපති ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාට අයත් සේෆ් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධ ආයතනයකි.

වික්‍රම වීරසූරිය මහතා එහි සභාපතිත්වයට පත් වීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවත් පැමිණිල්ලෙහි දැක්වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment