පාරම්පරික ගොවිතැන වෙනස් කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

පාරම්පරික ගොවිතැන වෙනස් කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

මෙරට පාරම්පරික ගොවිතැන ඉහළ වාණිජ ප්‍රතිලාභ අත්වන කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශය වලට අදාල වැය ශීර්ෂය පිළිබද විවාදයට එක්වෙමින් අමාත්‍යතවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රී ලංකාව පාරම්පරික ගොවිතැනින් ඈත්වී වාණිජ කෘෂිකර්මයට යොමුවිය යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සමග අපිට පුළුවන් වුණා පිටරටින් ගෙනෙන කෘෂිකාර්මික ආශ්‍රිත ආහාරවල වටිනාකම රුපියල් මිලියන 150කින් අඩු කරන්න. ඒ වගේම, සැකසුම් කර්මාන්තය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව අවධානය යොමු කළේ නෑ. සැකසුම් කර්මාන්තය දියුණු නොකර අපිට ගොවියා දියුණු කරන්න බෑ. දැන් මේ පාර්ලිමේන්තුවේ කතා කරපු ගජධීර (චන්ද්‍රසිරි ගජධීර) ඇමතිතුමා කීවා ගොවියෝ වෙලා ඉපදිලා ඉන්න අය සාම්ප්‍රදායික ගොවියෝ හැටියටම ජීවත් වෙන්න ඕනි වගේ අදහසක්. ගොවිතැන කියන එක තාක්ෂණයත් එක්ක දියුණු වෙන්න ඕනි. අපි හෙක්ටයාරයකින් ලබා ගන්න වී අස්වැන්න වැඩි කරන්න ඕනි. අපි ඒ වගේම, අගය දාමය සංවර්ධනය පිළිබද අවධානය යොමු කළ යුතුයි. එතකොටයි ගොවියාගේ මහන්සියට අදාලව වැඩි ප්‍රතිලාභයක් හිමි වෙන්නේ. අපිට පුළුවන් පොල් වල අගයදාමය වැඩි කරන්න. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් ඇමතිතුමා මේ වෙනුවෙන් වැඩසටහනක් දියත් කරලා තියනවා. ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ වෙනකොට මැණික් මගින් ඩොලර් මිලයන 1,000ක් ලබා ගන්න වැඩපිළිවලක් සකස් කරගෙන යනවා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් මම බලාපොරොත්තු වෙනවා අගය දාමය වැඩි කරන වැඩසටහන් හා ව්‍යාපෘති දියත් කරන්න. පසුගිය ආණ්ඩුවේ වැරදි වැඩපිළිවල නිසා අපිට ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැති වුණා. නමුත්, අගමැතිතුමාගේ මෙහෙයවීමෙන් මේ වන විට ධීවර සහනය සහ ජී.එස්.පී. ප්ලස් සහනය ලැබෙමින් තියනවා. ඒ වෙළදපොළ විවෘත වීමත් සමග තමයි අපිට පුළුවන් වෙන්නේ ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදනය යොමු කරන්න. අපි ඒ සදහා යොමු කරන්න ඕනි අගය එකතු කිරීමේ වැඩසටහනක් හරහා. යනුවෙන් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment