අනවසරයෙන් නිල නිවාසවල සිටි හිටපු නි. ඇමතිවරු දෙදෙනකුට නඩු

අනවසරයෙන් නිල නිවාසවල සිටි හිටපු නි. ඇමතිවරු දෙදෙනකුට නඩු

නීති විරෝධී ලෙස රජයේ නිල නිවාසවල රැඳී සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

මෙලෙස නඩු පවරා තිබෙන්නේ එජනිස රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර සහ හිටපු නියෝජ්‍ය ඇමති චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන්ට එරෙහිව බව ද රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රීවරයකු ද වන චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ලොරිස්‌ නිවාස සංකීර්ණයේ අංක 2 - 1 නිවසේ මේ වනවිටත් පදිංචිව සිටින බව ද ප්‍රේමලාල් ජයසේකර මහතා ද එම නිවාස සංකීර්ණයේම 4 - 2 නිවසේ පදිංචිව සිටින බව ද රාජ්‍ය ඇමැතිවරයා ලේඛනයක්‌ සභාගත කරමින් අවධාරණය කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment