මාධ්‍ය නියාමනයට ස්‌වාධීන මණ්‌ඩලයක්‌!

මාධ්‍ය නියාමනයට ස්‌වාධීන මණ්‌ඩලයක්‌!

මුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේද අනුව නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා මහජනතාවගේ අදහස්‌ හා යෝජනා විධිමත් පරිදි ලබාගැනීම සඳහා යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත් එම යෝජනාවට එහිදී අනුමැතිය හිමි වූ බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (23) පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසී ය.

නිදහස්‌, ස්‌වාධීන හා බහුවිධ ජනමාධ්‍ය සංස්‌කෘතිය සුරක්‍ෂිත කරමින් ප්‍රමිතියකින් යුතු ප්‍රවෘත්ති මහජනතාව වෙත ලබාදීම සහ ජනමාධ්‍යයේ වෘත්තීමයභාවය සහ ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම මේ මගින් අරමුණු කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

රටේ සිවුවැනි ආණ්‌ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍ය කෙරෙහි රජය සුවිශේෂී සේවාවක්‌ ඉටුකරන බව ද  ඇමැතිවරයා පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment