මහේල ජයවර්ධන දෙසැම්බරයේදී නවසීලන්තයේ සුපර් ස්මැෂ් සමග එක් වෙයි…

ලබන දෙසැම්බර් මස 04 සිට ජනවාරී 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමීත නවසීලන්ත  සුපර් ස්මාෂ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන එක්වීමට නියමීත බව වාර්තා වේ.

එ අනුව ඔහු සෙන්ටල් ස්ටේජ් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමීත බව එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී පිට් ද වෙට් නිවේදයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ. එසේම මෙම තරගාවලියේ මහේල ජයවර්ධන අවම වශයෙන් තරග 08 කට ක්‍රීඩා කරනු ඇති බවද වෙට් සඳහන් කරයි.


මහේල ජාත්‍යන්තරයේ ක්‍රීඩා කළ ගුණාත්මක ක්‍රීඩකයෙකු වන බවත් ඔහු සිටිම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට විශාල තෘප්තියක් බවද එසේම ඔහුව සිය කණ්ඩායමට ලබා ගැනීමට හැකී වීම සතුටට කරුණක් බව වෙට් වැඩ් දුරටත් සිය නිවේදනයෙහි සඳහන් කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment