හමුදා බුද්ධි අධ්‍යක්ෂකට මාරුවක් - නව බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ගුණතිලක 

හමුදා බුද්ධි අධ්‍යක්ෂකට මාරුවක් - නව බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ගුණතිලක 

ශ්‍රි ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩී.යූ.වී. ගුණතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ. 

මේ අතර හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා බුද්ධි අංශ රෙජිමේන්තුවට මාරු කර තිබේ. 

හමුදා මාධ්‍ය ප්‍රකාශය බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසුවේ යුද හමුදාපති ක්‍රිෂාන්තද සිල්වා මහතා මෙම පත්වීම කර ඇති බවයි.

යුද හමුදා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය අනුව මෙම පත්කිරිම සිදු කර ඇති බවද යුද හමුදාව සඳහන් කරයි.

නව බුද්ධි අංශ අධ්‍යක්ෂක වශයෙන් පත්ව ඇති විජේන්ද්‍ර ගුණතිලක මහතා පාඨමාලා අංක 26 යටතේ 1986.10.27 දින යුද හමුදාවට  එක්ව ඇති අතර  1987.7.23 වැනිදා ඔහු අධිකාරිය ලබා ඇත. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment