බැඳුම්කර ගණුදෙනුවේ මහ මොළකරු ගැන අර්ජුනට කියන්න වෙයි - අනුර (VIDEO)

බැඳුම්කර ගණුදෙනුවේ මහ මොළකරු ගැන අර්ජුනට කියන්න වෙයි - අනුර (VIDEO)

මහ බැඳුම්කර ගණුදෙනුවේ මහමොළකරු කවුරුන්දැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණයේදී ප්‍රකාශ කිරීමට සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ 'දූෂිතයෝ සහ ආරක්ෂකයෝ' මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (01) කොළඹදී පැවැත්වූ  සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් අර්ජුන මහේන්ද්‍රන්ට දැනුම් දුන්නා. අර්ජුන මහේන්ද්‍රන් ඒ තීරණය මත ගියා. හොරාත් ශුද්ධයි. හොරාගේ අම්මත් ශුද්ධයි. අපි ඇල්ලුවේ එතනින් නෙවෙයි. කෝ ඔයාට දීපු නියෝගය. මුදල් මණ්ඩලේ අනුමැතිය තියනවද? ක්‍රමවේදය තියෙනවද? ක්‍රමවේදය වෙනස් කළේ කොහොමද? මේ හොරකමේ ආරම්භක සැලසුම්කරුවා ඔයා. ඔයාට උඩින් සැලසුම්කරුවෙක් ඉන්නවා. ඔයා ඒක අධිකරණයේදී කියයි". යනුවෙන් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment