සයිටම් විරෝධයට උතුරේ වෛද්‍යවරුත් එක්වෙයි (PHOTOS)

සයිටම් විරෝධයට උතුරේ වෛද්‍යවරුත් එක්වෙයි (PHOTOS)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වන 'සයිටම්' ආයතනය වහාම රජයට පවරාගත යුතු බව පවසමින් අද (02) උදෑසන ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් විරෝධතාවක නියැලිණි.

ඒ අනුව යමින් අද දහවල් උතුරේ රජයේ රෝහල් රැසක වෛද්‍යවරුන් පිරිසක් වව්නියාවේදී ද උද්ඝෝෂණයක නිරත වූහ.

වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්යන්හි සේවයේ නිරත වෛද්‍යවරුන් පිරිසක් විසින් දහවල් කෑම පැයේදී මෙම උද්ඝෝෂණයට එක් වී සිටි අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කොට තිබුණි.

වව්නියාව මහ රෝහල ඉදිරිපිටදී ආරම්භ වූ උද්ඝෝෂණය පසුව වව්නියාව බස්නැවතුම් පොල දක්වා ගමන් කොට අවසන් විණි.

මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූ වෛද්‍යවරුන් කියසිටියේ, සයිටම් විද්‍යාලය වහාම රජයට පවරා ගැනීමටත් එසේ පවරා රජයේ විශ්වවිද්‍යාලයක් වශයෙන් ලියාපදිංචි කොට දැනට එහි ඉගෙනමු ලබන සිසු සිසුවියන්ට ද සාධාරණය ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවටයි.

ඡායාරූප පහතින්.


ඇඹිලිපිටිය - ප්‍රගීත් ජානක 

වන්නි - රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment