ඇමතිකම් නොදරමින් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපති ධුරයන් දරන මන්ත්‍රීන් 58ක් සදහා රුපියල් ලක්‍ෂ හතක මාසික කුලියක් ගෙවමින් වාහන ලබා ගැනීමට ගෙන තිබූ තිරණය අත්හිටුවා තිබේ.
කොළඹදී කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද සිය නිරීක්ෂණය ඉදිරිපත් කරමින් මෙසේ කුලියට වාහන ගැනීමේ යෝජනාවට එකඟ නොවන බව දන්වා ඇති බවයි.
ඒ අනුව මේ පිලිබදව අවසන් තීරණය ගන්නා තුරු දැනට එම මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන දීමනාවක් ලෙස මාස් පතා ගෙවන රුපියල් ලක්ෂ දෙකක මුදල දිගටම ලබා දෙන බවයි.
Home
/
News
/
ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට හත්ලක්‍ෂයක මාසික කුලියට වාහන අත්හිටුවයි.. මාස්පතා ලක්‍ෂ දෙකක් අතට..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment