සුවහසක් ළදරුවන්ගේ තිඹිරිගෙය.. ‘කාසල් රෝහල’ විකුණා දමන්න සූදානම්..

මවුවරුන් හා ලදරුවන් සදහාම මෙරට ප‍්‍රධානතම රජයේ රෝහල වූ කාසල් රෝහල පුද්ගලික අංශයට විකුණා දැමීමේ සූදානමක් ඇති බවට නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා වූ ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.

2017 වසර සදහා වූ අයවැය යෝජනාවලියේ අඩංගු යෝජනාවකින් එය හෙලි වූ බවද ඔවුහු පෙන්වා දෙති.

‘නිදහස් සෞඛ්‍ය සේවාව රට තුළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව මත කාසල් රෝහල ඉදිරි වසරේදී නවීන තාක්ෂණයට අනුකූලව මිලියන 3000 ක් යොදා වැඩි දියුණු කරනු ලබයි’ යනුවෙන් යෝජනාවක් අයවැයේ සදහන් බවද පෙන්වා දෙන එම සංවිධානය නිදහස් සෞඛ්‍ය සේවය ඇති ලංකාවේ කාසල් රෝහල මේ ආකාරයෙන් පුද්ගලීකරණය කිරීම දැඩිව හෙලි දකින බවද කියා සිටී.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment