නිවසටම ගොස් ප්‍රශ්න විසදීමට ඇමතිගෙන් තීරණයක්

නිවසටම ගොස් ප්‍රශ්න විසදීමට ඇමතිගෙන් තීරණයක්

ප්‍රාදේශීය මට්ටමින් නිවසටම ගොස් ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වන බවත් ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයට අදහස් දක්වමින් ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කරන්නේ කොහොමද කියා බලනවා. මුළු මහත් රට තුළ මෙහෙයුමක් කරන මධ්‍යස්ථාන ලෙසයි තිබෙන්නේ. ටික ටික ප්‍රශ්න  නිරාකරණය කරමින් තිබෙන්නේ. ජාතික වශයෙන්  ප්‍රතිපත්ති ගෙන තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය බරපතල ඛේදවාචකය තිබුණේ. ගාල්ල, මාතර, ගත්තත්, ප්‍රාදේශීය වශයෙන් නිලධාරීන්ට තිබෙන ප්‍රශ්න එක්ක ඒ ඉලක්ක සපුරා ගන්නේ කෙසේ ද කියා බලනවා.විශාල මුදලක් ඉල්ලා තිබෙනවා. දෙසැම්බර් 31 වනවිට ඒ මුදල් ලැබෙනවා. ප්‍රදේශත් උතුරත් දකුණත් රට දෙස බැලුවම මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවෙනවා. ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2000ක් පිරවීමට කටයුතු කරනවා. පහසුකම් සැපයීමෙන් පමණයි, ප්‍රාදේශීය වශයෙන් තිබෙන ඉලක්ක  සපුරා ගත හැකි වන්නේ.“

“ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික හැදුනුම්පත් 25,000ක් ලබාදීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා ජනවාරි 14 ගාල්ලට එනවා. දරුවෝ ඉන්න දෙමව්පියන් විවාහ කරවන්න හැකි වුණා. මෙවැනි ප්‍රශ්න ලංකාවේම තිබෙනවා.ප්‍රාදේශීය මට්ටමින් නිවසටම ගොස් ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙනවා.ඒ අනුව සෑම නිවසක් ම පෝෂණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment