‘‘ආවා‘‘ කල්ලියේ හයක් අල්ලයි

‘‘ආවා‘‘ කල්ලියේ හයක් අල්ලයි

''ආවා '' කල්ලියේ බවට කියන හයදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ 05 වෙනිදා සවස්වරුවේ බව වාර්තා වේ.

ඔවුන් පොලීසියට ලබාදුන් තොරතුරු වලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු ඊයේ  (06) අත් අඩංගුවට ගත් බවද යාපනය පොලීසිය පැවසීය.

චුන්නාකම් පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම නිවසක ජීවත් වන දෙදෙනෙකි.

කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයේ පිරිසක් යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහය ඇතිව මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත් පොලිසියි කිවේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment