හෙට 14 උදේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් - පාර්ලිමේන්තුව ජනපති කල්දාවිද?


හෙට 14 වන දින උදෑසන 8.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවීමට කතානායක කරු ජයසූරිය කටයුතු කර තිබේ.

අද 13 ලැබුණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා කතානායක ධූරයේ යළි කටයුතු අරඹමින් කරු ජයසූරිය මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.
අද ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු හිටපු සංවිධායක ගයන්ත කරුනාතිලක හා

හිටපු සභානායක කිරිඇල්ල යන මන්ත්‍රීවරුන් මෙන්ම රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ අලුත් ගැසට්ටුව බලරහිත වීම නිසා පෙර ගැසට්ටුව ප්‍රකාර ජනපති 14 වනදා පාර්ලිමේන්තුව කැඳවා තිබීම යළි සක්‍රීය වන බවයි.
ඒ අනුව හෙට 14 පාර්ලිමේන්තුව රැස්වන බව ඔවුන් තිදෙනාම ප්‍රකාශ කර තිබුණි.
මේ දක්වා මහින්ද පාර්ශ්වය හෝ මෛත්‍රීපාල ජනපතිගේ පාර්ශ්වයෙන් මේ බව තහවුරු කර කිසිවක් පළ කර නැත.
හෙට 14 පාර්ලිමේන්තුව රැස්වන්නේ නම් මහින්ද හා රනිල් අතර බහුතරය පිලිබඳ ඡන්ද විමසීමක් ිසදුවනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිසි පරිදි දෙසැ 7 වනදා ලැබෙන තෙක් ජනපති විසින් පාර්ලිමේන්තුව යලි කල්දමනු ඇති බවටද රාවයක් පැතිර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment