මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට ආරංචි ?

https://www.gossiplankanews.com/2018/11/mahinda-to-resign.html#more
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීම නිසා අනපේක්ෂිත ලෙස යලි හෙට (14) පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවීම මත
බහුතරය පිළිබඳ විශ්වාසයක් නොමැතිවූ මහින්ද

කඳවුර සිත් දෙදරීමට ලක්ව ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්වූයේ මෛත්‍රිපාල ජනපතිවරයාගේ ආරාධනයට ඔහුගේ සැලැස්මකට අනුව බවට පසුගිය දිනවල ආරංචි පැතිර තිබූ අතර ඒ නිසා මෙම වැරදි තීරණ වල වගකීම ජනපති මෛත්‍රිටම පවරන්නට මහින්ද පියවර ගනු ඇතැයි පැවසේ.

මෙම තීරණාත්මක වේලාවේ මහින්ද අගමැති ධූරය උරගෑමේ ඡන්දයකට පාර්ලිමේන්තුව තුළ සම්බන්ධ වූවොත් නියත පරාජයක් අත්වනු ඇති බවටත් ඒ අනුව මහින්දගේ ඉදිරි දේශපාලනයට කැළලක් සිදුවනු ඇති බවටත් සමීපතමයින් පෙන්වාදී තිබේ.
ඒ අනුව ඔහුට දිය හැකි හොඳම විසඳුම සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම බවත් එය මහින්ද අද 13 රාත්‍රී තීරණය කරන්නට බොහෝදුරට ඉඩ ඇතැයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

හදිසි කැබිනට් රැස්වීමක් අද රාත්‍රී කැඳවා තිබෙන අතර එහිදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද  වාර්තාවේ.
මහින්ද මේ ආකාරයට ඉල්ලා අස්වුවහොත් නව ඇමතිවරුන්ද ඉවත් වනු ඇති අතර නැවත මෛත්‍රී -රනිල් රජය පෙර පැවති ලෙස මතුවනු ඇත.
කෙසේ වෙතත් මින් ඉහත මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා කියා සිටියේ තමා රනිල් අගමැතිවූවොත් පැයක්වත් තනතුරේ නොසිටින බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment