මහින්ද චීන වරාය බලන්න යයි (VIDEO)

මහින්ද චීන වරාය බලන්න යයි (VIDEO)

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දුත පිරිස නිරත වන චීන සංචාරයේ 06වැනි දිනය අදයි.

ඊයේ (27) ඒ මහතා ඇතුළු පිරිස චීනයේ, ෂෙන්ෂෙන් ප්‍රාන්තයේ පිහිටි චයිනා මර්චන්ට් සමාගමට අයත් බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මෙරට කොළඹ දකුණ වරායේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේද චයිනා මර්චන්ට් සමාගම විසිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ තිබෙන නාවික වැදගත්කම පිළිබඳව වාර්තා වැඩසටහනක් නැධීමට ද අවස්ථාව උදාවිය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දුත පිරිස ඊයේ දිනයේදී චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවද මුණ ගැසී තිබේ.

අනතුරුව ඔවුන් චීනයේ සේන් ෂෑන් කෞතුකාගරය නැරඹූ අතර පසුව ඊයේ රාත්‍රියේදී බීජිං නුවර බලා පිටත්විය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment