2016 ලෝක රූ රැජිණ කිරුළ පුවෙටෝ රිකොවේ 19 හැවිරිදි සිසුවියකට



2016 ලෝක රූ රැජිණ කිරුළ පුවෙටෝ රිකොවේ
19 හැවිරිදි සිසුවියකට

ලංකාවෙන් ගියේ අම්රිතා

පෙරේදා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී සුරූපිනියන් 117 කගේ සහභාගීත්වයෙන් පවත්වන ලද 2016 වසරේ ලෝක රූ රැජිණ (මිස් වර්ල්ඩ්) තරගයේදී කිරුළ දිනාගත්තේ පුවෙටො රිකෝ රාජ්‍යය නියෝජනය කළ 19 හැවිරිදි සිසුවියකවූ ස්ටෙෆනි ඩිල්වැලේ  මෙනෙවියයි. දෙවැනි තැන ඩොමිනිකන් ජනරජයටත්, තෙවනි තැන ඉන්දුනිසියාවටත් හිමිවුණා. කිරුළ දිනූ ස්ටෙෆනි ඩිල්වැලේ නීතිය හා සන්නිවේදනය
පිළිබඳ උපාධියක්
හදාරන්නියක බවත් ඉංග්‍රීසි ප්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා තුනම මැනෙවින් හසුරුවන්නට සමත් තැනැත්තියක බවත් පැවසුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට එක්වූ අම්රිතා ද සිල්වා(23) අවසන් 21 දෙනාගේ වටයට තේරීමට හෝ එහි පැවති කිසිදු උප තරගයකින් ජයගන්නට හෝ හැකියාව ලැබුනේ නැත.

තරගයේ ඡායාරූප පහතින්
http://ift.tt/2gWwRSQ
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment