2017 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2017 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

 

විසර්ජන පනත් කෙටුම්පත 2017 ( අයවැය) මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 110කින් සම්මත විය.

විසර්ජන පනත් කෙටුම්පත සම්මත වු බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

තෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම නාමිකව සිදුවිය යුතු බව පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉල්ලා සිටියේ ය. ඒ අනුව නාමිකව ඡන්දය විමසීම සිදු විය.

අයවැයට පක්ෂව ඡන්ද 165 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55 ලැබිණි. නොපැමිණි සංඛ්‍යාව 04කි.

විසර්ජන පනත් කෙටුම්පත 2017 මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් නොවැම්බර් මස 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නොවැම්බර් 19 දින සිට කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වුණු අතර එහිදී  අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාදය සිදු විය. 

ඡන්දය විමසීමෙන් අනතුරුව අලුතින් හඳුන්වාදුන් පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්දය විමසීමේ ක්‍රමයේ අත්හදාබැලීමක් සිදුවිය.

යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපයේ පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

අය වැය තෙවන කියවා සම්මත කිරීමට පෙර විපක්ෂයේ ඉල්ලීම මත මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ද ඡන්ද විමසීමක් සිදුකෙ‍රුණු අතර සංශෝධන සහිතව එය සම්මත විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment