2017දී රැඩිකල් තීන්දුවක් 

2017දී රැඩිකල් තීන්දුවක් 

විවිධ මත ගැටුම් මධ්‍යයේ වුවත් වත්මන් සම්මුතිවාදී ආණ්‌ඩුව මෙතෙක්‌ කල් පවත්වාගෙන ඒමට සිදු වුවත් 2017 වසර තුළ රැඩිකල් දේශපාලන තීන්දු ගැනීමට සිදුවන වසරක්‌ වනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මේ අනුව 2017 වසර දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් රැඩිකල් තීරණ ගැනෙන වසරක්‌ වනු ඇතැයිද එසේම ජනාධිපතිවරයා මේ තුළ දේශීය කෘෂි ආර්ථිකය පදනම් කරගත් වැඩපිළිවෙළක්‌ රජය තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද ඇමැතිවරයා පැවසී ය.

ශ්‍රී ලංකාව දේශීය කෘෂිකාර්මික රටක්‌ නිසා හුවමාරු වෙළෙඳ ආර්ථිකයක්‌ සහිත සිංගප්පූරු මොඩලය අනුගමනය කිරීමට නොහැකි බවත් ඒ නිසා දේශීය කෘෂි ආර්ථිකය සමග රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

වත්මන් සම්මුතිවාදී රජය තුළ ගැටුමක්‌ ඇති නොවන ආකාරයට මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තිරසර යුගයක තෙවසරක ඇරැඹුම සටහන් කරමින් ජනාධිපතිවරයා විසින් තිරසාර දැක්‌ම ප්‍රකාශයට පත්කරන බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාවේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වූ වහාම ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක්‌ ගනු ඇතැයිද ඒ සඳහා පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වන තෙක්‌ බලා සිටින ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment