විල්පත්තු වන සංහාරය යළි ඇරඹේ (VIDEO)

විල්පත්තු වන සංහාරය යළි ඇරඹේ (VIDEO)

විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිට කිලෝමීටර් 10 ක් දුරින් පිහිටා විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සංහාරයට නැවතත් ගොදුරු වී තිබේ.

විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන එකමුතුව පවසා සිටින්නේ මෙම රක්ෂිත වනාන්තර කිසිදු ආකාරයකින් පවරාදීමක් සිදුව නැති බවත් එසේ නම් එය ගැසට් කිරීමක් සිදුවිය යුතු බවයි.

මෙම විලත්තිකුලම් වන රක්ෂිතය විල්ලු රැසකින් පිරී ඇති බවත් අලි ඇතුන් හා වන සතුන්ගෙන් පිරි වන රක්ෂිතයක් වන අතර එවැන් පරිසරයක් වැනසීම තුළින් විල්පත්තුවට සිදුවන හානිය සුළු පටු නැති බවද පරිසර සංවිධාන එකමුතුව පවසති.

DSC09891

DSC09895

DSC09897

ඡායා රූප - අද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment