උතුරට පොරොන්දු දුන් ගිවිසිම් 3 ක් ගැන විග්නේශ්වරන් හෙළි කරයි

උතුරට පොරොන්දු දුන් ගිවිසිම් 3 ක් ගැන විග්නේශ්වරන් හෙළි කරයි

දෙමළ ජනතාව වෙනුවෙන් වග වූ ජාත්‍යන්තර පොරොන්දු 3ක් ආණ්ඩුව නොපමාව ඉටුකළ යුතු යැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.

මහ ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) යාපනය පුස්තකාලයේදී පැවති දෙමළ ජනතා සභාවේ රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ‘‘එක ගිවිසුමක් 2009 දී බෑන්කීමූන් මහතා සමග එවකට හිටි ජනාධිපති තුමා පොරොන්දුවක් වුනා. ඒකේදී ලංකාවේ පවතින ආණ්ඩු දෙමළ ජනතාවට ඉදිරියේදී කරන්න යන්නේ මොකද්ද කියලා පෙනවල දීල තියනවා එහෙම පොරොන්දු වෙච්ච දේවල් වත්මන් ආණ්ඩුව හෝ අද වෙනකම් කරල තියෙනවද කියල පරික්ෂා කරල බලන්න ඕන.

 

දෙවැනි ගිවිසුම තමයි ජිනීවා වලදීත් ගිවිසුමක් අත්සන් කරල තියනවා ඒ ගිවිසුමෙත් සඳහන් දේ අද වෙන කොට දෙමළ ජනතාව වෙනුවෙන් කරල තියනවා මොනවද කරල තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ කියල පරික්ෂා කරල බලන්න ඕන‘‘

 

‘‘තුන්වන ගිවිසුම තමයි අපේ රට 2030 වර්ෂය වන විට වෙනස් විය යුතු ආකාරය ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් ආදි සියල්ලක්ම ලොකේ පුරා පිහිටි රටවල් සමග අත්සන් තබල තියනවා මේ අත්සන් කරපු විදිහට රටේ වෙන්සවන දේ ගැනත් ජනතාව වෙනුවෙන් කළ යුතු දේ ගැනත් ආණ්ඩුව පෙන්නන්න ඕන එහෙම පොරොන්දු වෙච්ච දේවල් වලින් බොහෝමයක් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි කියල අපි හිතනවා ඒ ගිවිසුම් වලට අනුව දෙමළ ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවා අද වෙනකම් ඒ දේ කලේ නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ කියලා පෙන්වලා දෙන්න පුලුවන් ඒ නිසා එහෙම යුතුකම් ඉටු කළා නම් මේ රටේ සාමයෙන් සමාදානයෙන් ඉදිරියට යන්න පුලුවන් කියල මම කියන්න කැමතියි.‘‘ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment