විරෝධතා රැළි වලට එන අය ගාව 5000 අලුත් කොළ - ළඟදිම හොරේ අල්ලනවා


පසුගිය සෙනසුරාදා පැවති අයවැය විවාද අවසන් කතාව අතරතුර මුදල් ඇමති රවී කරුණානායක සඳහන් කර සිටියේ මේ කාලයේ රජයට එරෙහි
විරෝධතා රැළි කිසියම්

සංවිධානාත්මක පිරිසක් විසින් දියත් කරන බවත් ඔවුන්ට ඒවාට සහභාගීවීම සම්බන්ධයෙන් සංවිධායකයන් ලබාදෙන මුදල් මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුවේ අලුත්ම කාණ්ඩ වලට අයත් ඒවා බව හඳුනාගෙන ඇති බවත් ඒ ගැන සැකයක් තිබෙන බවත්ය.
ළඟදීම මෙම හොරය අල්ලා ගන්නා බවද ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මෙම ප්‍රකාශය පදනම් කරගෙන ඒකාබද්ධ විපක්ෂයට අයත් ඇතැම් මාධ්‍ය මගින් ‘ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට මුදල් නෝට්ටු තහනම් කළ ආකාරයට ලංකාවේ රුපියල් 5000 නෝට්ටු තහනම් කිරීමට ඇමති රවී සූදානම් බවට‘ ප්‍රචාරයක් දියත් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment