ගෝඨා ඇතුළු 7කට විදෙස්ගතවීමට අවසර

ගෝඨා ඇතුළු 7කට විදෙස්ගතවීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය  මහතා අද (01) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව රජයේ නීතීඥවරයාගේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ඊට විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබීය.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු 07දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

මෙම නඩුවේ දෙවන විත්තිකාරිය අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඊට හේතු දක්වමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment