පොලිස්පති ගැන තීරණයක් ගන්න ජනපති සැරසේ

පොලිස්පති ගැන තීරණයක් ගන්න ජනපති සැරසේ
ඊයේ (30) රත්නපුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හැසිරුණු ආකාරය පිළිබඳව කරුණු විමසීමක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබේ.

ජනධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද මාධ්‍ය මගින් දුටු බවත් එසේ හැසිරීම වැරදි බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන බවත්ය.

රත්නපුර පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන අතර එම ඇමතුමට ප්‍රතිචාර දක්වන පොලිස්පතිවරයා කියන ඇතැම් දේ එම ස්ථානයේ පැවති මයික්‍රෆෝන මගින් සියලුදෙනාටම ඇසෙන අතර එය ජනමාධ්‍ය මගින්ද ප්‍රකාශයට පත්විය.

පොලිස්පතිට බලපෑම් කළ 'ලොක්කා' කවුද? ඇමතුමේ වීඩියෝව මෙන්න (VIDEO)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment