දූෂණ වංචාවලට කඩිනම් අධිකරණ යාන්ත්‍රණයක්?

දූෂණ වංචාවලට කඩිනම් අධිකරණ යාන්ත්‍රණයක්?

දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම සඳහා කඩිනම් අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන්නැයි ඇමැතිවරුන් 15 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ(13) ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මීට පෙර සිදුව ඇති සහ වර්තමානයේ සිදුවන මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් කඩිනමින් පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් මෙම ඒකාබද්ධ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දූෂණ වංචාවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා දැනට පවතින යාන්ත්‍රණයෙන් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නොමැති බව එම කැබිනට් සංදේශයේ සඳහන් කර තිබේ.

මේ අතර නිලධාරීන් පසුපස නොයා දූෂණ වංචා සඳහා නිලධාරීන්ට නියෝග දුන් පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නැයිද එම සංදේශ මගින් ඉල්ලා ඇත.

රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම, අර්ජුන රණතුංග, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ, මහින්ද අමරවීර, සරත් ෆොන්සේකා යව ඇමැතිවරුන් ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණ මෙම ඒකාබද්ධ කැබිනට් සංදේශයට අත්සන් කර ඇති බවත් වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment