සැකකරුවෙකු අල්ලන්ට පොර බදද්දී හාට් ඇටෑක් හැදුණ පොලිස් නිලධාරියා මරුට




පළා යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇති වූ පොර බැදීමක් හේතුවෙන් හදිසි හෘදයාබාධයකට ලක්වූ පොලිස් නිලධාරියෙකු
මහනුවර දවුලගල හන්දෙස්ස ප්‍රදේශයේදී
ඊයේ අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.මුදල් වංචාවකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යද්දී එම පොලිස් කණ්ඩායමට අයත්ව සිටි 53 හැවිරිදි උප පොලිස් පරීක්ෂක කුලසේකර මහතා සමග වරෙන්තුකරු දැඩි ලෙස පොර බදා ඇති අතර එම අවස්ථාවේ එක්වරම හෘදයාබාධය නිසා පොලිස් නිලධාරියා ඇදවැටී ඇත. ටිකකින් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ පොලිස් නිලධාරියා පැයකින් පමණ මියගොස් ඇත.
වරෙන්තුකරුව අනෙක් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment