ද්‍රවිඩ විරෝධතා මැද දැඩි ආරක්ෂාව යටතේ හෙට ජනපති මැලේසියාවට

මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා හෙට (15) මැලේසියාවට සංචාරයක් සඳහා පිටත්ව යන අතර මෙම සංචාරයට එරෙහිව එරට දෙමළ රාජ්‍ය නොවන සංවිධාන හා පක්‌ෂ කිහිපයක්‌ විරෝධය පළ කර ඇත.ශ්‍රී ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක්‌ සපිරීම නිමිත්තෙන් එය සැමරීමට හා මැලේසියානු රජයේ
නිල ආරාධනාවකට අනුව
ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට මෙම සංචාරය යොදාගෙන ඇත.
මැලේසියානු දෙමළ සංවිධාන නායකයකු වන රොනි මුරුගන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට මැලේසියාවට පැමිණීමට අවසර ලබාදිය යුතු නැති බවයි.
මීට අමතරව එල්.ටි.ටි.ඊ.  හිතවාදියකු වන පිනාස්‌ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලතියාම් රාමසාමි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරය සඳහා විරෝධය පාන මෙන් එරට දෙමල ඩයස්‌පෝරාවෙන් ඉල්ලීම නිසා  මැලේසියා සංචාරය වෙනුවෙන් එරට රජය දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇතැයි වාර්තාවේ.
පසුගියදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහරදීමේ සිද්ධිය පසුබිමේ ද රාමසාමි සිට ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මැලේසියා සංචාරයට විරෝධය දැක්‌වීමට තමන් කටයුතු කරන බව ඩී. ඒ. ඩී. පක්‍ෂයද සිටී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (15 දා) පස්‌වරුවේ මැලේසියාව බලා පිටත්ව යැමට නියමිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment