වරාය උද්ඝෝෂකයන් සිල්ගත්ත හැටි


වරාය උද්ඝෝෂකයන් සිල්ගත්ත හැටි

හම්බන්තොට වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණයක නිරතවී සිටින සියලුම සේවකයින් ඊයේට යෙදුණ පොහොය දිනයේ සීල සමාදානයට පත්වූ බව වාර්තාවේ.
හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ
උප සභාපති අයි.කේ ඔමේෂ් සඳහන් කළේ ඔවුන් වරායේ ප්‍රධාන පිවිසුම අසල මෙම කටයුත්තෙහි නිරවූ බවයි.
උද්ඝෝෂණයක් අතරතුර මේ ආකාරයේ කටයුත්තක යෙදීම විශේෂ දෙයකි.
ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා දන්වා තිබුනේ මෙම පිරිස මුහුදු කොල්ලකරුවන් පිරිසක් බවයි.
වරාය ඇමතිවරයා කියා තිබුනේ මොවුන්ගෙන් බාගයක් නිල් බලකායේ බවත් මෛත්‍රිපාල ජනපතිගේ හිත හොඳ නිසා තවම රැකියාවේ යෙදෙන බවයි.
මෙම විරෝධතාව අතරතුර පසුගියදා නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකුට පහර දීම ගැන මේ වනවිට පරීක්ෂණයක් සිදුවේ.

(ඡායාරූපය -සූරියවැව දිලීප් ජයසේකර )
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment