කටුනායක මත්තල ගුවන් සේවිකාවන්ට රෙදි නැතිවෙයි

කටුනායක මත්තල ගුවන් සේවිකාවන්ට රෙදි නැතිවෙයි

කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් ගමන් සහායිකාවන්ට වසර තුනක කාලයක සිට නිල ඇඳුම් ලබා නොදීම නිසා එම සේවිකාවන්ට සිය රාජකාරි කටයුතුවල නිරතවීමේදී ගැටලු රැසක්‌ මතුව ඇතැයි වාර්තා වේ.

ඔවුන්ට වසරකට නිල ඇඳුම් ලෙස සාරි 03 ක්‌ හෝ 04 ක්‌ ලබාදෙන බවත් මෙම නිල ඇඳුම් 2013 වසරේ සිට මේ දක්‌වා ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවත් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

මෙම තත්වය මත ගුවන් ගමන් සහායිකාවන් බොහෝ දෙනකු නිල සාරිය වෙනුවට වෙනත් සාරිවලින් සැරසී රාජකාරි කටයුතු සඳහා පැමිණෙන බව සදහන් වේ.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් සහායිකාවන් 187 දෙනකු පමණ සේවය කරන බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment