ඩෙංගු නීති පනත වෙනස් වෙයි - නීතිය දැඩි වෙයි

ඩෙංගු නීති පනත වෙනස් වෙයි - නීතිය දැඩි වෙයි

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමේ නීති පනත වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නීතිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹ වසංගත රෝග මර්දන ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව බලපවත්වන නීති තවදුරටත් දැඩි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඉතා කෙටි කාලයක් තුළදී නව නීති පනත ක්‍රියාත්මක වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වසර තුළ ඩෙංගු රෝගය වැලැඳීමෙන් ලංකාවේ මරණ 83ක් සිදුව ඇති අතර වැඩිම ඩෙංගු අවදානම් පවතින දිස්ත්‍රික්ක ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු මරණ 22ක්ද රෝගීන් 15,896ක්ද, ගම්පහ මරණ 12ක් සහ රෝගීන් 6,298ක්ද, ගාල්ල මරණ 5ක් සහ රෝගීන් 2,808ක්ද, කල්මුණේ රෝගීන් 815ක් සහ මරණ 1ක්ද ආකාරයට මේ වසරේ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.

ඩෙංගු රෝගය වැලඳී සිටින රටට සම්පතක් වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ගුවන් මඟින් කොළඹ මහ රෝහලට ගෙනැවිත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති බවත් මේ වන විට ඇයගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේය.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment