ට්‍රම්ප් ජයග්‍රහණය පසුපස රුසියානු කොම්පියුටර් ජිල්මාට් ගැන FBI හෙළිකරයි


පසුගියදා ඇමරිකානු ජනපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට වඩා වැඩි ආසන ලබාගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම පසුපස රුසියානු සයිබර් කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණයවී ඇතැයි ඇමරිකානු FBI පරීක්ෂණයකින් හෙළිවී ඇත.

කෙසේ වෙතත් එම වාර්තාවේ දැක්වෙන්නේ ඡන්දයේ සිදුකළ දූෂණයක් නොවෙ 2016 ඇමරිකානු ජනාධිපති මැතිවරණ,
කාලය තුළ රුසියානු සමූහාණ්ඩුවේ සිවිල් හා මිලිටරි යන දෙආකාර නියෝජිතයන් විසින් පවත්වන ලද cyberwarfare ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් සිදු කළ වෙනසකි. එමගින් ඔබාමා පාලනය ගැන සහ ඔහුගේ පක්ෂයේ හිලරිගේ අනාගත පාලනය ගැන අයහපත් ප්‍රචාරණයන් සහිත ව්‍යාකූලතාවයන් මවා පෑ බවයි.
 මේ ගැන සියලු විස්තර FBI ඒකාබද්ධ විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
    මෙම සයිබර් මෙහෙයුම් රාජ්‍ය ආයතන හා යටිතල පහසුකම් ආයතන ඉලක්ක කර , විශ්ව විද්‍යාල, දේශපාලන සංවිධාන වල තොරතුරු සොරකම් කිරීමට සමත් හැකර් පිරිසක් යොදවා සිදු කර තිබේ. ඔවුන් ඒ ඒ ආයතන සියල්ලේ ඊමේල් පණිවිඩ හා සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය අතටගෙන තිබුණ අතර ඒ ඔස්සේ හිලරි අපකීර්තියට පත්වන තොරතුරු නිරන්තරයෙන් ප්‍රචාරය කර ඡන්ද වෙනස්වීම කෙරෙහි බලපෑම් කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment