සනත් ජයසූරියගේ තීරණය වෙනස් වෙයි

සනත් ජයසූරියගේ තීරණය වෙනස් වෙයි

සිදුකෙරෙන බලපෑම් හා නොවිසඳුණු ගැටළු කිහිපයක් නිසා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා පලවිය.

මේ අතර සනත් ජයසූරිය මහතා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග කළ සාකච්ඡාවකින් පසුව එම තීරණය වෙනස් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ගැටළු සහගත තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් තමාට තම රාජකාරිය නිසි ලෙස කරගෙන යා නොහැකි බැවින් ඉල්ලා අස්වීමට සිදුවන බව ජයසූරිය මහතා අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

හැකි ඉක්මනින් එම ගැටළු නිරාකරණය කිරීමට කටයුතු කරන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment