මහින්ද යළි දිවයිනට

මහින්ද යළි දිවයිනට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින 06ක චීන සංචාරයකින් අනතුරුව අද (01) යළි දිවයිනට පැමිණියේය.

ඒ මහතා ඇතුළු පිරිස චීන රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයට එක් වූ අතර එහිදී එරට චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ මහ ‍ලේකම් හා මන්ත්‍රණ සභා සාමාජික යාග් පී.එච්.මහතා සහ විදේශ කටයුතු පිළිබඳ චීන මහජන ආයතනයේ සභාපති වූ හයිලොන්ග් මහතා වැනි නියෝජිතයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමු වී සාකච්ඡා රැසක් පැවැත්වීය.

මෙම සංචාරයේදී දෙරට අතර බෞද්ධ සංස්කෘතික බැඳීම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර විදේශ කටයුතු පිළිබඳ චීන මහජන ආයතනයේ සභාපති  වූ හයිලොන්ග් මහතා කියා සිටියේ ලංකාව සංවර්ධනය සඳහා චීනය ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා දෙරට අතර පවත්වාගෙන ආ රාජ්‍යතාන්ත්‍රික  සුහදත්වය නිසා බවයි.

චීන සංචාරයට හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ‍ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා එක්වූහ. 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment