ජයලලිතාට මිතුරිය වස දුන්නා ද

ජයලලිතා ජෙයරාම්ටගේ හිතෛෂිවන්තියකව සිටි සෂිකලා නමැත්තිය ඇයට හොර රහසේ ටිකෙන් ටික වස දුන්නා දැයි සැකයක් ඇතැයි තෙහෙල්කා නම් ඉන්දියානු සතිපතා සඟරාව සඳහන් කර තිබෙනවා.

සැමියාගේ දේශපාලන සම්බන්ධතා මත තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජයලලිතාව හඳුනාගත් සෂිකලා ඇය සමඟ දැඩි මිතුරු බැඳීමක් ඇති කර ගනු ලැබූ බවයි එහි සඳහන් වන්නේ. සෂිකලා ඇතුළු මෙම පිරිස දූෂණ අක්‍රමිකතා හරහා කොතරම් මුදල් සම්භාරයක් යටි මඩි ගසා ගත්තා දැයි කිවහොත් ඔවුන් හැඳින්වීමට ජනතාව මන්නාර්ගුඩි මාෆියා යන්න භාවිත කර තිබෙනවා.

තෙහෙල්කා සතිපතා සඟරාව ජයලලිතා ඝාතනය කිරීමට ඇයට රහසිගතව හා ටිකෙන් ටික වස දීමේ චෝදනාව නඟන්නේ ජයලලිතා සමඟ දිගු කලක් තිස්සේ මෙවන් සබඳතාවක් පවත්වාගෙන ගිය සෂිකලාටයි. ජයලලිතා ජෙයරාම් මිය යද්දී ඇය හැට අට වැනි වියේ පසුවූ අතර සෂිකලා නටරාජා තවමත් පසු කරන්නේ ඇයගේ දිවි ගමනේ පනස් පස් වැනි සැතැපුම් කණුවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment