බාහිර උපාධි සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට අයෑදුම් කළ 89,000 ක් පමණ වන සියලුම අයෑදුම්කරුවන් ලියාපදිංචි කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා
පැවැසීය. බාහිර උපාධි ලියාපදිංචිය
සීමා කිරීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කළ චක්‍ර ලේඛයට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ කෙරුණ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අවධානය යොමුකර තිබිණි. මේ අතර බාහිර උපාධි සුරැකීමේ සංසදය ජනාධිපතිවරයා සමඟත් උසස් අධ්‍යාපන බලධාරීන් සමඟත් සාකච්ඡා පැවැත්වීය. එම සංසදය ඉල්ලා සිටියේ අයදුම්කර සිටින සියලුම අයදුම්කරුවන්ට ලියාපදිංචි වීමට අවස්‌ථාව සලසා දෙන ලෙසය.
සියලුම අයදුම්කරුවන්ට ලියාපදිංචි සීමාවීමට අවස්‌ථාව ලැබී ඇත්තේ ඒ අනුවය.
ලියාපදිංචිය සීමා කිරීමේ චක්‍රලේඛය ඉවත් නොකරන බවද බාහිර උපාධි වැඩසටහන් විධිමත් කිරීම සඳහා ද ඉදිරියේදී පියවර ගැනෙන බව ද සභාපතිවරයා කීවේය.
නිලන්ත මදුරාවල
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment