එක් ලොතරැයියෙන් සත 16 ගාණෙ මුද්‍රණයේදී කෝටි 10 ක්‌ වංචා කරලා


එක් ලොතරැයියෙන් සත 16 ගාණෙ 
මුද්‍රණයේදී කෝටි 10 ක්‌ වංචා කරලා

ගොවිසෙත, ජාතික සම්පත, වාසනා සම්පත සහ සුපිරි වාසනා සම්පත ලොතරැයිපත් මුද්‍රණය කළ සමාගම විසින් එක ලොතරැයි පතකින් ශත දාසය බැගින් (ශත 16) රජයෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක්‌
වංචනික ලෙස ලබාගෙන ඇතැයි ජාතික
ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශාර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
ජාතික ලොතරැයි මණ්‌ඩලය මගින් සිදු කරන ලද අභ්‍යන්තර විගණන පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී වැඩි දුරටත් කරුණු දැක්‌ වූ සභාපතිනිය මෙසේද කියා සිටියාය. මහා පරිමාණ වංචා රැසක්‌ ජාතික ලොතරැයි මණ්‌ඩලය තුළ සිදු වී තිබෙනවා.
එක ටිකට්‌ පතක්‌ මුද්‍රණය කරන්න වැය වෙන්නේ දල වශයෙන් ශත 36 ක්‌ පමණයි. නමුත් පසුගිය කාලය පුරාම ටිකට්‌පත් මුද්‍රණය කළ පෞද්ගලික සමාගම එක ටිකට්‌ පතක්‌ මුද්‍රණය කිරීම වෙනුවෙන් ශත 53 ශත 55 අතර මුදලක්‌ ලබාගෙන තිබෙනවා.
මේ සමාගම හරහා මෙම මුදල් ගියේ කාගේ සාක්‌කුවට දැයි වහාම සොයා බැලිය යුතුයි.
රජයෙන් වැඩි මුදලක්‌ ලබාගෙන මුද්‍රණය කර ඇති ටිකට්‌ පත්ද නිසි ප්‍රමිතියෙන් තොරයි.
(ප්‍රියදර්ශන ලියනගේ)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment