රන්ජන් ගම්මන්පිලගේ අභියෝගය භාරගනී

රන්ජන් ගම්මන්පිලගේ අභියෝගය භාරගනී

පසුගිය 08 වැනිදා තමාට එරෙහිව රු.මිලියන 500ක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එන්තරවාසියක් එවන බව ප්‍රකාශ කළ බවත්, තමන් උසාවියේදී මන්ත්‍රීවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ බන්ධනාගාරගතවූ එක් මන්ත්‍රීවරයෙකු වෘෂණ කෝෂවල රෝගාබාධයක් හේතුවෙන් මෙට්ටයක් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් බවත් තමා විසින් මුහුණු පොතේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දැක්වූ බවත්ය.

කෙසේ වෙතත් තමන්ගේ ප්‍රතිචාරයෙන් අපහාසයක් සිදුවූ බව පවසා තමාට එරෙහිව නඩු පැවරීමට පෙර එන්තරවාසියක් එවන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තමන් ගම්මන්පිල මහතාගේ අභියෝගය බාරගනිමින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීය.

උදය ගම්මන්පිල මහතා විසින් විටෙක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොකරන ලෙසට ඉල්ලීම් කරනු ලැබුවත් මන්ත්‍රීවරයා විසින් පෙරේදා (08) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ තමාට අභියෝග කළ බැවින් හා ගම්මන්පිල මහතාගේ වෘෂණ කෝෂවල ආබාධයක් තිබුණු බැව් තමා දන්නා බැවින් උසාවියට ඉදිරිපත්වීමට බිය නොවන බව ඔහු වැඩිදුරටත්  සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment