රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ යතුරු පැදියක් අත්අඩංගුවට..

පසුගිය රජයේ හිටපු ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් මෙරටට ගෙන්වූ බවට සැක කරන අධිබල යතුරු පැදියක් කොළඹ කෙසෙල් වත්තේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මිලියන හතරක පමණ වටිනාකමින් යුතු මෙම යුතුරු පැදිය සී.සී. 1200ක එන්ජින් ධාරිතාවයකින් යුතුය. යතුරු පැදිය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙම යුතුරු පැදිය අදාල ප‍්‍රභූ පුතු විසින් තම මිතුරෙකුට දී ඇති බවත් ඔහුද තවත් මිතුරෙකුට දී ඇති බවත් හෙලිව ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment