“සංවර්ධන පනත හදල තියෙන්නේ මෝඩයෙක්”




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයෙකු විසින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසනවා.

එම කෙටුම්පත සකස් කළ නීතිඥවරයා හෝ පුද්ගලයා මෝඩයෙකු ලෙස තමන් හඳුන්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙන ඒමට පෙර රට තුල සංවාදයක් ඇති කළ යුතුයි. පළාත් සභාවල යෝජනා ලබාගෙන වැරදි සකස් කර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුනා. පළාත් සභාවල සහාය අවශ්‍ය නම් පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව තිබුනා. මගේ අදහස නම් මෙය පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. මෙම පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවැරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නේ කොහොමද?”.

“මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක‍්‍රීයාත්මක කළ යුතුයි. ශ‍්‍රී ලංකාව ආයෝජන හිතවාදි රටක් බවට පත් කළ යුතුයි. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක්. සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක‍්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම කෙටුම්පත යළි සාකච්ඡාවට බඳුන් කර ඉදිරිපත් කළ යුතු බව මම ප‍්‍රකාශ කරනවා.” 

“යහපාලන රජයට රට තුළ ලොකු විරෝධයක් නැහැ. රජය කළ වැඩ කොටස් ගැන ප‍්‍රසාදයක් තිබෙනවා. රුපියල් සතවලින් එම වැඩ කොටස මනින්න එපා. සංහිදියාව ගොඩනැගෙනවා. පක්ෂ ගැන කථා කරලා වැඩක් නැහැ. රජය තුල සිටිමින් ඇතැම් අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිවරයාගේ මතවාදය ගැන කථා කරනවා. රට ගොඩනැගීමටයි යහපාලන රජය බිහි කළේ” යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment