“විජයකලා කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා "




එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අග‍්‍රාමාත්‍ය ධුරයට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට වුවද ඔහු සුදුසු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එම ප‍්‍රකාශය දේශපාලන වශයෙන් ලඳ බොළඳ එකක් බවයි.

අමාත්‍ය දයාසිරි ජයසේකර ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී ඔහු පැවසුවේ එය එතුමියගේ විකාර සහගත ක්‍රියාවලියේ තවත් කොටසක් බවයි. ඇය ජනප්‍රියත්වය රැක ගැනීම සඳහා මෙම ප්‍රකාශය කර ඇති බවද සඳහන් කළා.

 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න පැවසුවේ අදාළ ප‍්‍රකාශය ගණන් ගත යුත්තක් නොමැති බවයි. එය මෝඩ ප්‍රකාශයක් බවත් මෙම ප්‍රකාශය උඩ දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇති කිරීමට කටයුතු නොකළ යුතු බවද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කවින්ද ජයවර්ධන ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. තමාගේ මතය නම් ත්‍රස්තවාදී නායකයෙකුට මේ රටේ තනතුරු ලබා ගැනීම සිදු කළ නොහැක්කක් බවයි එහිදී ඔහු පැවසුවේ.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ප‍්‍රශ්නගත ප‍්‍රකාශය කර ඇත්තේ කිලිනොච්චියේ ඊයේ (28) පැවති උත්සවයකදීයි.

ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ජනතාව අසරණ වී ඇතැයි ද දෙමළ දේශපාලන පක්ෂ ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවද එහිදී ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment