“උතුරේ මුස්ලිම්වරුන්ට කිසිම වෙනස්කමක් නෑ” මහ ඇමැති



මුස්ලිම්වරුන්ට උතුරු පළාත් සභාව යටතේ වෙනස්කම් සිදුකෙරෙන බවට එල්ලවන චෝදනා බැහැර කරන පළාතේ මහ ඇමැතිවරයා ඒ බව තහවුරු කිරීම සඳහා සංඛ්‍යාලේඛන එළිදක්වා තිබේ.

මහ ඇමැති සීවී විග්නේස්වරන් ප්‍රකාශ කරන පරිදි උතුරු පළාත් සභාව පිහිටුවන ලද 2013 සිට මේ දක්වා ඉඩම් ඔප්පු ලබා දී ඇති අය අතරින් හතරෙන් තුන් පංගුවකට ආසන්න පිරිස මුස්ලිම්වරුන්ය.

මේ වසර අවසානය දක්වා කාලය තුලදී ඉඩම් ලබාගත් පවුල් 4307 අතරින් සියයට 73.02ක් මුස්ලිම් වරුන් වන අතර, සියයට 25.66ක් දෙමළ සහ 1.32ක් සිංහල බව මහ ඇමැති වරයා විසින් 28 බදාදා  සභාගත කළ වාර්තාවක දැක්වේ.

නැවත පදිංචිය සඳහා ඉල්ලුම් කළ විසිහයදහසකට අධික මුස්ලිම් පවුල් අතරින් තවමත් නිවාස ලැබී නැත්තේ පවුල් 2801 කට පමණක් බවයි එහි පැවසෙන්නේ.

පදිංචි කරවූ පවුල් 24,041 අතරින් බහුතර සංඛ්‍යාව වන 17626 කට ඉල්ලුම් කළ පරිදිම මන්නාරමේ පදිංචිය ලබා දී තිබේ.

ඉතිරි කණ්ඩායම යාපනයේ හා වවුනියාවේ නැවත පදිංචි කරවන බවට මහ ඇමැති සහතික වෙයි.

උතුර හැරගිය බොහෝ මුස්ලිම්වරුන් පුත්තලම සිය වාසය සඳහා තෝරාගෙන ඇති බව පවසන මහ ඇමැති විග්නේස්වරන්, ඒ අතරින්ද උතුරේ පදිංචිය සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඊටත් ඉඩ සලසන බව කියා සිටී


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment