ප්‍රභාකරන් හිටියා නම් දැන් අගමැති - විජයකලා කියලා


ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීම වෙනුවෙන් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (28) සවස පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙසේ කියා ඇත.

“ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය
සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි.

අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලධාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා.

අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ.එල්.ටී.ටී.ඊ. නායකයා වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අග‍්‍රාමාත්‍ය ධුරයට වුවත් සුදුසුයි. ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ජනතාව අසරණ වී සිටිනවා“

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment