කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි

කමල් ගුණරත්න සිසුවා සමග සාමදාන වෙයි

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුගේ කමිස කොරලයෙන් ඇඳ තර්ජනය කළැයි කියන මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණ සිසුවා සමඟ සිද්ධිය සාමදාන වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව කමල් ගුණරත්න මහතාට එරෙහිව සිසුවා කළ පැමිණිල්ල එහිදී ඉල්ලා අස්කරගෙන තිබේ. කෙසේ වුවද අදාළ සිද්ධිය වූ දිනයේ එනම් දෙසැම්බර් 14 වැනිදා තමා ලංකාවේ නොසිටි බවත් තමා විදෙස් ගතවී සිටි බවත් බව කමල් ගුණරත්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

එහෙත් ඔහු කුරුදුවත්ත පොලිසියේදී පසුගිය 14 වැනිදා තම සමීප ඥාතීවරියකගේ ඉල්ලීම මත එදින පාසලට ගිය බව ඔහු පිළිගෙන ඇත. එමෙන්ම සිසුවා පොලිසියට පැමිණිලි කර ඇත්තේ පසුගිය 17 වැනිදා වන අතර ජෙනරාල්වරයා ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 12 වැනිදාය. රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය රචනා කළේ ද මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment