හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?

හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?

හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චන්ට් සමාගම මේ වන විටත් චීන ජාතිකයන් දසලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා චීන රජය හරහා වීසා ඉල්ලුම් කර ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වන විටත් චීනයේ මෙරට තානාපති කාර්යාලයේ වෙනම අංශයක් ඇති කිරීමට ද කටයුතු සම්පාදනය කර ඇති බවත් ඉදිරියේ දී අදාළ වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා චීන වාණිජ කලාපය තුළ රැකියා ලක්ෂ4 ක් බිහි වන බව පවසා සිටියත් එම ප්‍රමාණය ගණනය කර ඇත්තේ චීන ජාතිකයන් සඳහා වෙන් වෙන රැකියා අත්හැරද නැද්ද යන්න සම්බන්ධව ද ගැටලුවක් ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද මේ සම්බන්ධව පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතාද අදහස් දැක්වූ අතර මන්ත්‍රීවරයා ද වීසා දසලක්‍ෂයක් සම්බන්ධව ඇති ඉල්ලීම තහවුරු කර සිටියේය. එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදාළ ගනුදෙනුවේ දී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගනුදෙනුවක් ද සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් ඇති බවත් ඩොලර් බිලියන 2.1 ක් වටිනා බව පැවසෙන හම්බන්තොට වරාය බදු දීම සඳහා ඩොලර් බිලියන 1.4කට සිදු කර ඇති තක්සේරුව සිදු කළ ආයතනය කුමක්ද යන්න රජය විසින් රටට පැහැදිලි කළ යුතු බවත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment