එපා කී ලක්ෂයේ දීමනාව රන්ජන්ටත්

එපා කී ලක්ෂයේ දීමනාව රන්ජන්ටත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාල දීමනාව සඳහා ජනවාරි මාසයේ සිට නිකුත් කෙරෙන රුපියල් ලක්ෂයේ ගෙවීම අවශ්‍ය නැති බව කියා සිටින සමාජ සුබසාධක හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාටද ඊට අදාළ චෙක්පත් ලබන මාසයේ නිකුත් කිරීමට නියමිතය.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගෙවීම් කරන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට දීමනාව අවශ්‍ය නැති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කිසිදු ලිඛිත දැනුම්දීමක් නොකිරීමයි. කෙසේ වුවද නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව කථානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ.

එහෙත් මෙම ගෙවීම සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මඟිනි. එබැවින් දීමනාව අනවශ්‍ය බව ලිඛිතව දැනුම්දිය යුත්තේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයටයි. මෙම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට හිමි රුපියල් ලක්ෂයේ දීමනාවට අදාළ චෙක්පත ජනවාරි මුල සතියේ නිකුත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment