සුනාමි ඛේදවාචකයට වසර 12 යි

සුනාමි ඛේදවාචකයට වසර 12 යි

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 12ක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

උදේ 9.25 සිට මෙම නිශ්ශබ්දතාව විනාඩි 02ක් දක්වන ලෙසද එම මධ්‍යස්ථාන මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

සුනාමි විපත සිදුවූයේ 2004 දෙසැම්බර් 26 වැනිදාය. එයින් ශ්‍රී ලාංකිකයෝ 35,000 ක්‌ මරණයට පත්වූහ. 

පුද්ගලයන් ලක්‌ෂ 10 ක්‌ අවතැන් වූ අතර නිවාස ලක්‌ෂයක්‌ පමණ විනාශ විය.

ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ප්‍රදේශයේ  ඇති වූ මෙම භූමිකම්පාව රික්‌ටර් මාපකයේ 9.3 ක්‌ ලෙස සටහන් විය.

සුනාමිය අවස්ථාවේදී සිදු වූ සංවේදී සිදුවීම් කිහිපියක් පහත වීඩියෝවෙන්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment