ඉන්දියාවේ රොකට් අත්හදා බැලීමක්: ලංකා - ඉන්දියා ගුවන් ගමන් පමාවක් 

ඉන්දියාවේ රොකට් අත්හදා බැලීමක්: ලංකා - ඉන්දියා ගුවන් ගමන් පමාවක් 

ඉන්දියාව සිය නැගෙනහිර සීමාවේ රොකට් කිහිපයක් අත්හදා බැලීම නිසා ශ්‍රී ලංකා හා ඉන්දියා ගුවන් ගමන් අද(26) දහවල් 12.00 පසුවනතුරු පමාවන බව කටුනායක ගුවන්තොටුපල සඳහන් කරයි.

ඉන්දියාව විසින් අද දිනයේදී රොකට් කිහිපයක් අත්හදා බලන හෙයින් ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ ගුවන් ගමන් හැසිරවීම ප්‍රමාද කරන ලෙස දන්වා ඇති බවද වාර්තා වේ. 

ඒ අනුව අද උදෑසන 8.30 සිට 12.30 දක්වා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගුවන් කලාපයේ ගුවන් ගමන් සිදුනොවේ. මෙම අත්හදා බැලීම හේතුවෙන් ගුවන් ගමන් වාර 10ක් පමණ ප්‍රමාද වන බව දැනගන්නට තිබේ.

ජකර්තා, සිංගප්පූරුව හා ක්වාලම්පූර් බලා උදෑසන 7.20ත් 7.30ත් අතර ගමන් කිරීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් තුනක් මේ වන විට අත්හිටුවා තිබේ. ඒවා මධ්‍යාහ්න 12 පසුවී ගමන් කිරීමට නියමිතය.

ඉන්දියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි ගුවන් ගමන් වාරද අත්හිටුවා තිබේ. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment