LTTE ය වල දැමූ බෝම්බ තොගයක් ගොඩගනී (PHOTOS)

LTTE ය වල දැමූ බෝම්බ තොගයක් ගොඩගනී (PHOTOS)

වව්නියාව සින්නතම්පනෙයි නීලියාමොට්ටෙයි ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමා තිබූ බිම්බොම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (25) දින සොයාගෙන තිබේ.

වන්නි ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කුරුක්කල් පුදුකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් වලදමා තිබූ යුද උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ හමු වූ යුද උපකරණ අතර පුද්ගලනාශක බිම්බොම්බ 41ක්, 82 වර්ගයේ අත් බෝම්බයක් මිලිමීටර් 60 මෝටාර් බොම්බයක් තිබියදී හමු වී ඇති අතර අදාළ යුද උපකරණ තොගය නිශ්ක්‍රීය කිරීමට කුරුක්කල්පුදු කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment